20 ට එරෙහිව එන්.ජී.ඕ.14 ක්

රටේ දේශපාලන ක්‍රමය සහමුලින් උඩු යටිකුරු කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එරෙහිව ප්‍රබල එන්.ජී.ඕ මෙහෙයුමක් දියත් කර තිබේ .මේ සඳහා කොළඹ පිහිටුවා තිබෙන එන්.ජී.ඕ හෙවත් රාජ්‍ය නොවන සංවිධාන 14 ක් ඒකාබද්ධ වී සිටී.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කොට පසු කාලයේ මෙරට වාසය කළ නොහැකිව ස්විට්සර්ලන්තයට හා ඕස්ට්‍රේලියාවට පැන ගොස් සිටින හිටපු මන්ත්‍රීවරයෙක් හා යහපාලන ප්‍රධානියෙක් ( හිටපු තානාපතිවරයෙක් ) මේ සඳහා අනුග්‍රහය දක්වන බව වාර්තා වෙයි .

රාජ්‍ය නොවන සංවිධාන ,සමාජ මාධ්‍ය ජාල හා වෙනත් වෙබ් අඩවි ඔස්සේ මෙකී මෙහෙයුම දියත් කර තිබේ .එහෙත් රජය ඒ කිසිවකින් නොසැලී තමන්ට ව්‍යවස්ථා සංශෝධනය සඳහා ලද ජනවරම උපයෝගී කරගැනීමට සියලු කටයුතු සැලසුම් කර හමාරය .දැනට මේ සඳහා මන්ත්‍රීන් 160 කට ආසන්න පිරිසකගේ සහාය රජයට හිමිව තිබේ .විශේෂයෙන් මේ සඳහා අසත්‍ය සමාජගත කිරීමේ මෙහෙයුමක්ද දියත් කර ඇත .ඒ සඳහා සමගි ජනබලවේගයේ එස්.එම් මරික්කාර් හා රෝහිණි කවිරත්න යන මන්ත්‍රීන් යොදවා තිබේ .ඔවුහු මේ ගැන ඉතා බොළඳ තර්ක ඉදිරිපත් කරමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටට හානිකර බව ප්‍රකාශ කරති.රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය ඊයේ කියා තිබුණේ කැලෑ කපා හොරෙන් ලී බිස්නස් කිරීමට මෙම සංශෝධනය උපයෝගී කරගන්නට හදන බවය .

Leave a reply: