20 ට එරෙහිව කරූ චම්පික සහ ජවිපෙ කළ කුමන්ත්‍රණය සී සී කඩ යයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වෙනි සංශෝධනයට එරෙහිව අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි මහා සංඝරත්නය සංවිධානය කිරීමට හිටපු කථානායක කරු ජයසූරිය හිටපු අමාත්‍ය චම්පික රණවක සහ ජනතා විමුක්ති පෙරමුණ කළ සැලසුම එම නිකායන්හි මහා නායක හිමිවරුන් විසින් ව්‍යාර්ථ කරනු ලැබූහ.

රාමඤ්ඤ නිකායේ සහ අමරපුර නිකායේ ඉහළ තනතුරු දරන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ හිමිවරුන් පිරිසක් කැඳවු මෙම පිරිස මහනාහිමිවරුන් සහ කාරක සංඝ සභා නොදැන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කළේය.ඒ සමග සතුට ඉහවහා ගිය හිටපු අමාත්‍ය චම්පික රණවක මාධ්‍යයට කීවේ අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන් විසි වෙනි ව්‍යවස්ථාසංශෝධනයට විරුද්ධ බවය.කරූ චම්පික ජනතා විමුක්ති පෙරමුණට අමතරව මෙම සැලසුමේ කොටසක් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් ද ක්‍රියාත්මක කර තිබේ.
ඔහුද මේ රජයෙන් කැබිනට් ඇමතිකමක් නොලැබීම නිසා ආණ්ඩුව සමඟ උරණවී විසි වෙනි සංශෝධනයට එරෙහිව ගල්මුල් ගසමින් සිටියි.

එහෙත් මෙම ප්‍රකාශය නිකුත් කොට පැය කිහිපයකට පසුව අදාළ නිකායන්හි මහනායක හිමිවරුන් වන නාපාන ප්‍රේමසිරි සහ ගන්තුනේ අස්සජි මහනායක හිමිවරුන් මාධ්‍යයට කීවේ විසිවෙනි සංශෝධනය ගැන එම නිකායවල හිමිවරුන් කිහිප නමක් කළ ප්‍රකාශය සිය නිකායේ නිල මතය නොවන බවයි.එම ප්‍රකාශය උන්වහන්සේලාගේ පෞද්ගලික මතය බවද මහනාහිමිවරු වදාළහ.ඒ සමඟ කරු ජයසූරිය චම්පික රණවක විජේදාස රාජපක්ෂ සහ ජනතා ජනතා විමුක්ති පෙරමුණ එක්ව ගොඩනැඟූ බොරු විරෝධයේ හුළං බැස ගිය බව වාර්තාවිය.

Leave a reply: