20 මැති සබයට බහුතරය සූදානම්.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ විවාදය අද (බදාදා )මැති සබයේදී ආරම්භ විය .එය සම්මත කර ගැනීමට අමාත්‍ය මණ්ඩලය හා ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම එකඟ වූ අතර විපක්ෂයේ මන්ත්‍රීන් ගණනාවකගේ ද සහාය ඊට හිමි වෙයි .

එහෙත් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තිය ට පමණක් පක්ෂ විය නොහැකි බව වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කර ඇතැයි පැවසේ .

අප වෙබ් අඩවිය වෙත වාර්තා වෙන ආකාරයට දැනට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මන්ත්‍රීන් 157 කගේ පමණ සහාය හිමි වී ඇතැයි පැවසේ .ඊට පක්ෂව ජන්දය නොදීමට ඉඩ ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පමණි .විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා එලෙස ජන්දය නොදෙන්නේ ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් හෝ වෙනත් ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් උඩ නොව ඔහුට කැබිනට් ඇමැතිකමත් නොලැබීමේ ප්‍රශ්නය නිසා ය.විජේදාස මහතා දේශපාලනය ට පිවිසි දා සිට තමන්ගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් විටින් විට පක්ෂ මාරු කළ කෙනෙක් බැවින් ඉදිරි කාලයේ දී ඔහු බාර ගැනීමට පක්ෂයක් නැත .

ඒ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරයා බැවින් ඔහුට සදාචාර සම්පන්නව 20 වැනි සංශෝධනය ට ජන්දය දිය නොහැකි බව ආණ්ඩුව ට දන්වා තිබේ .හෙට රාත්‍රි 7.30 න් පසු නව ව්‍යවස්ථා සංශෝධනය ට ජන්දය විමසීම සිදු කෙරේ .ඒ සඳහා අලුත් සංශෝධන 5 ක් ද ඇතුළත් වන බව වාර්තා වෙයි .ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් ගණන ඉහළ දැමීමේ සංශෝධනයක්ද ඒ අතර වන බව වාර්තා වෙයි .

Leave a reply: