20 වැනි සංශෝධනය ව්‍යවස්ථාවක් නොවේ. 19 අහෝසියට ගෙනආ යෝජනාවක් පමණි

අර්බුදයට ආන්දෝලනයට හා මත ගැටුම් වලට ලක්ව තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මගින් සිදුවන්නේ පසුගිය රජය ක්‍රියාත්මක කළ අසාධාරණ 19 වැනි සංශෝධනය ඉවත් කිරීම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණයෙන් පවසයි.

19 වැනි සංශෝධනය ඉවත් වුවත් එහි අඩංගු වන හොඳ විධිවිධාන දෙකක් වන ජනාධිපතිවරයා ගේ ධූර කාලය වසර 5 ක් ලෙසත් තරග කළ හැකි වාර ගණන වාර 2 ලෙසත් සඳහන් වගන්ති නව සංශෝධනය මගින් ද පිළිගෙන තිබේ .

මෙම ප්‍රධාන සංශෝධනය හැර අන් කිසිදු වෙනස්කමක් නව යෝජනාවෙන් සිදු කර නොමැති අතර 19 අහෝසිවීමත් සමඟ ඊට පෙර ක්‍රියාත්මක වූ 18වැනි සංශෝධනය හා 17වැනි සංශෝධනය මගින් හදුන්වාදුන් නීති පද්ධතිය තාවකාලිකව පිළිගැනෙයි.එයින් 17 වැනි සංශෝධනය මැතිසබයේ සම්මත කරගැනුනේ යූඑන්පීයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ද එකඟතාවයෙන් බව විශේෂයෙන් සිහිපත් කළ යුතුය .

මේ ගැන වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර ඇත්තේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ගෙන ආ යෝජනාවක් පමණක් බවය. 19 අහෝසි කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් ජනතාවට ලබා දුන් ප්‍රධාන පොරොන්දුවක් ඉටු කිරීමක් වශයෙනි.ඒ සම්බන්ධව රජය කොතරම් කරුණු පැහැදිලි කර ඇති නමුත් කරුණු කාරණා පටලවා ගත් පිරිස් නොදන්නා දේ පවසමින් ජනතාව නොමඟ යැවීම කනගාටුවට කරුණක් බව ජනාධිපතිතුමා වැඩිදුරටත් කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර ඇත.

අප වෙබ් අඩවිය වෙත වාර්තාවන ආකාරයට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමෙන් පසුව එළඹෙන මාස දහඅටක කාලය තුළය.එම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට පාර්ලිමේන්තුවේ පිළිගත් සියලු දේශපාලන පක්ෂ දායක කර ගැනීමට සැලසුම් කර තිබේ. පක්ෂයක් නැතත් හිටපු කථානායක කරු ජයසූරිය මහතා වැනි අයට ද ඊට දායක වන්නට පිළිවන. නීති විශාරද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා දැන් මෙම නව ව්‍යවස්ථා සම්පාදන කාර්යයට අදාල මූලික සැලසුම් සකස් කර ඇති බැවින්
20 වැනි සංශෝධනයක් සම්බන්ධයෙන් නොදන්නා කරුණු රටට ඉදිරිපත් කොට ජනතාව නොමඟ යැවීම දේශපාලන පාපයක් බව රජය ප්‍රකාශ කර සිටී.

Leave a reply: