මංගල සමරවීර බංකොලොත් කළ ආර්ථිකයේ විදේශ ණය බර කෝටි 480 පනී

පසුගිය යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ජාතික ආර්ථිකය කාබාසිනියා කර රට අගාධයට ඇද දැමූ හිටපු මුදල් ඇමැති මංගල සමරවීරගේ අත්තනෝමතික වියදම් නිසා 2020 වසරේදී ඇ.ඩොලර් කෝටි 480ක් විදේශ ණය ගෙවීමට සිදුව තිබේ . රටේ ආර්ථිකය සංවර්ධනය කරනවා යැයි කියමින් ගම් පෙරළිය ,එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහ තවත් දැවැන්ත ප්‍රචාරණ දේශපාලන වැඩසටහන් වෙනුවෙන් රුපියල් කෝටි සිය ගණනක් කාබාසිනියා කර දැමූ මංගල දැවැන්ත ණය බරකට රට ණය කළේය . ඔහුගේ අසාර්ථක ගම් පෙරළිය ව්‍යාපෘතියට පමණක් රුපියල් කෝටි 4000ක් වැය කළේය . එන්ටප්‍රයිස් ශ්‍රී

Continue Reading

ජනපති ගෝඨාභය ගේ රාජාසන කතාවට ජ.වි.පෙන් දේශපාලන උගුලක් /එ.ජා .ප යේ පිරිසක් සහායට

ලබන ජනවාරි මස 3 වැනිදා පාර්ලිමේන්තුව විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පවත්වනු ලබන රාජාසන කතාව සම්බන්ධව විවාදයක් පැවැත්විය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ .පවත්නා සම්ප්‍රදායට අනුව පසුගිය කාලයේ සිදු වූයේ රාජාසන කතාව ඉදිරිපත් කිරීමෙන් පසුව පක්ෂ විපක්ෂ කණ්ඩායම් වල ප්‍රධානින් ඒ සම්බන්ධව මත දැක්වීමක් පමණි .මෙවර ජනතා විමුක්ති පෙරමුණ විවාදයක් ඉල්ලා ඇත්තේ එ.ජා .ප යෙන් යැපෙන ජ.වි.පෙ නායකයාගේ පුද්ගලික වුවමනාවටයි.මෙසේ රාජාසන කතාව විවාදයකට ලක් කර අවසානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධව ජන්දයක් විමසීමට උත්සාහ දැරීමත්

Continue Reading

රාජිත බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට භාර දෙන ලෙස නියෝග.

රාජිත සේනාරත්න මහතා ලංකා හොස්පිටිල් ආයතනයෙන් රජයේ ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට මාරු කිරීම එහි බලධාරීන් ප්‍රතික්ෂේප කළද දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ඇමතිවරයා බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට මාරු කළ හැකි බව ඔහු පරික්ෂා කරන ලද බන්ධනාගාර වෛද්‍යවරිය නිර්දේශ කර තිබේ .ඒ අනුව ඉරිදා සවස බන්ධනාගාරයේ සිට පැමිණි විශේෂ ගිලන් රියකින් රාජිත සේනාරත්න මහතා සුදුසු රෝහලක් වෙත ගෙන යාමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි .

Continue Reading

රාජිත බන්ධනාගාර රෝහලට යැවීම ප්‍රතික්ෂේප කරයි .

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස කිරීම සහ අසත්‍ය චෝදනා නැගීම සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින හිටපු ඇමති රාජිත සේනාරත්න කොළඹ ලංකා රෝහලෙන් බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට නිදහස් කලනොහැකි බව එහි වෛද්‍යවරු බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියට දැනුම් දී තිබේ. බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරිය ඊයේ සවස රාජිත සේනාරත්න මහතා පරික්ෂා කිරීමට පැමිණි අවස්ථාවේදී මෙම දැනුම්දීම කර ඇත. මෙහිදී රාජිත සේනාරත්න මහතාට ප්‍රතිකාර කරන ප්‍රධාන වෛද්‍යවරයායයි කියන වෛද්‍ය මුබාරක් සහ ලංකා රෝහලේ අධ්‍යක්ෂවරයා බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියට රාජිත

Continue Reading

ෆොන්සේකාට සහ හිරුනිකාට පොහොට්ටුව විරෝධය.

සුදු වෑන් මාෆියාවක් ගැන බොරු කතා පතුරුවමින් ජනතාව නොමඟ යවන හිටපු ඇමැති ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ සංවිධානය දැඩි විරෝධය පළ කරයි . පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ දී තමන් ආරක්ෂක ඇමති වූ පසු රාජපක්ෂවරුන් මැදමුලන නිවසේ හතරකොනේ එල්ලන බවට ත්‍රස්තවාදී සහ සාපරාධී කතා කියමින් භීෂණය වපුරන්නට හැදූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙයට පෙර සුදු කොඩි නඩුවේ දී සිර දඬුවම් ලැබූවෙකි. පසුගිය ජනපතිවරණ වේදිකාවේ දී අශීලාචාර සහ අසභ්‍ය වචන භාවිතා කරමින් රාජපක්ෂවරුන්ට

Continue Reading

ජනාධිපති ගෝඨාභය චීනයට. රුසියානු විදේශ ඇමැති ශ්‍රී ලංකාවට .

සිය දෙවන විදේශ නිල චාරිකාව වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මාසයේදී චීනය බලා පිටත්ව යනු ඇති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි .ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රථම චාරිකාව ලෙස ඉන්දියාව බලා පිටත්ව ගියේය. එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සමඟ කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස විශාල සංවර්ධන ආධාර සහ සංවර්ධන සහයෝගීතාවක් මෙරටට ලබාගැනීමට හැකි විය . එසේම දෙරට අතර ආර්ථික ආරක්ෂක හා සංවර්ධන සහයෝගිතාවට අදාළ නව ගිවිසුම් ගණනාවකට ද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එළැඹිණි . සිය

Continue Reading

නව මහ බැංකු අධිපති රටේ ආර්ථික ඉලක්ක පහදා දෙයි .

ශ්‍රී ලංකා මහ බැංකුවේ පහළොස්වන අධිපතිවරයා ලෙස පත් වූ කීර්තිමත් ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා නව රජය යටතේ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන ගැන ප්‍රථම වරට හෙළිදරව් කළේය. ඒ අනුව දැනට 2% කටත්වඩා කටත් වඩා පහළට කඩා වැටී තිබෙන ආර්ථික වර්ධන වේගය සියයට 4.5 ක් දක්වා ඉහළ නැංවීම 2020 වසරේ මූලිකආර්ථික ඉලක්කය බව ප්‍රකාශ කරයි .එය තවත් වසර දෙකකින් සියසියයට 6.5 ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කරන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී .එසේම රටේ භාණ්ඩ හා

Continue Reading

රාජිත සේනාරත්න අත් අඩංගුවට

හදිසියේ හදවත් රෝගයක් ඇති වූ බවට බොරු කියා රෝහල් ගත වූ හිටපු ඇමැති රාජිත සේනාරත්න අධිකරණ නියෝගය අනුව සිකුරාදා (අද ) සවස 2.30 ට රහස් පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය .ඔහු පවතින රෝගී තත්ත්වය නිසා දොස්තරවරුන්ට මුවා වී සිංගප්පූරුවට පැන ගැනීමට උත්සාහ දැරීම නිසා හදිසියේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළේය .මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ඉදිරි පියවර තීන්දු කෙරේ .

Continue Reading

ජ.වි.පෙ නායක අනුර දිසානායක රාජිත හැංගුණු තැන සොයා ගනී

එ.ජා .ප යට කොන්දේසි විරහිතව කඩේ යාම නිසා ජනාධිපතිවරණයේදී ඇපත් නැති කර ගත් අනුර දිසානායක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවේ නිර්මාතෘ රාජිත සේනාරත්න මහතා පසුගිය දිනවල සැගවී සිටි ස්ථානය සොයා ගෙන තිබේ .ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළ පරිදි අධිකරණ වරෙන්තු ලැබීමෙන් පසු රාජිත සැගව සිට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ගේ නිවසේය. ජනාධිපතිවරණයේදී අන්ත පරාජය ලැබීමෙන් පසුව හෝ අනුර දිසානායක තමන් ගේ දේශපාලන කොන්ත්‍රාත් ඉටු කිරීම තවමත් නතර කර නැත.ඒ අනුව නැවත වරක් එ.ජා .ප යට කඩේ යමින් බොරු සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවේ

Continue Reading

පොදු දේපළ පනත යටතේ සජිත්ට නඩු අත් අඩංගුවට ගැනීමක් නැහැ

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 200 කට අධික මුදලක් කැබිනට් මණ්ඩලයේ හෝ රජයේ නිසි අනුමැතියකින් තොරව අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එ.ජා .ප යේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට එරෙහිව විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේ අධි චෝදනා හයක් යටතේ නඩු පැවරීමට නීති අංශ කරුණු අධ්‍යනය කරමින් සිටී . තමන් ඉතා අවංක සුපිරිසිදු දේශපාලනයක් කරන බවට ජන්ද වේදිකාවේ පුන පුනා ප්‍රකාශ කළ සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස රජයේ පොදු දේපළ අවභාවිත කර ඇත්තේ පටු දේශපාලන අරමුණු සහ පුද්ගලික අභිමථාර්ථ වෙනුවෙනි .සංස්කෘතික අරමුදල් පාලක

Continue Reading

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page