එම්.සී.සී.ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කරයි

ඇමෙරිකානු රජය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත එම්.සී.සී ගිවිසුම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි බැවින් එය අත්සන් නොකළ යුතු බවට ඒ පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ විද්වත් කමිටුව ජනාධිපතිවරයා ට සහ අගමැතිවරයා ට නිර්දේශ කර ඇත . පවතින ගිවිසුම් කෙටුම්පත තුළ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය ට සහ යහපැවැත්ම ට හිතකර නොවන වගන්ති කිහිපයක් ඇතුළත් බව කමිටු වාර්තාවේ වැඩිදුරටත් සදහන්ය . ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය නියමානුකූල කිරීම සදහා එමගින් කරන යෝජනා රාජ්‍ය ඉඩම් ප්‍රතිපත්තිය ට පටහැනිය .මේ හැර රාජ්‍ය

Continue Reading

මහ මැතිවරණයට සන්ධාන තුනක්

එළඹෙන මහ මැතිවරණය සදහා ප්‍රධාන පෙලේ දේශපාලන සන්ධාන 3ක් සටන් වදිනු ඇති බව කොලඹ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි .රජය නියෝජනය කරන පක්ෂ ඇතුළත් වන ප්‍රධාන සන්ධානය ශ්‍රී ලංකා පොදුජන සන්ධානයයි.එහි නායකත්වය දරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ය . එක්සත් ජාතික පක්ෂය කණ්ඩායම් දෙකක් වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇතත් එහි ප්‍රධාන සන්ධානය සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන සමගි ජාතික බලවේගයයි. මෙම සන්ධාන දෙකට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය නමින් කුඩා පක්ෂ කිහිපයක් සමග සන්ධානගත වී මහ මැතිවරණයට ඉදිරිපත්

Continue Reading

රනිල් සජිත් දෙදෙනාම පක්ෂ දෙකකින් මහ ජන්දයට සැරසෙති

රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ සහ සජිත් ප්‍රේමදාස නායකත්වය දරන ජාතික සමගි බලවේගය යන පක්ෂ දෙකම මහ මැතිවරණය සදහා වෙන වෙනම තරග කිරීමට සැරසෙති . එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහ ජන්දය සදහා දැන් සුදුස්සන්ගෙන් අයදුම්පත් කැදවා තිබේ .ඒ අතර සජිත් ප්‍රේමදාස ගේ ජාතික සමගි බලවේගය ද සිය පක්ෂයෙන් මැතිවරණය තරග කිරීමට අපේක්ෂකයන් තෝරා ගැනීම සදහා අයදුම්පත් කැදවා තිබේ .එහි මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මේ සදහා විශේෂ නිවේදනයක් ද නිකුත් කර ඇත . එක්සත් ජාතික

Continue Reading

හිටපු මුදල් ඇමැති මංගල හෙළිකොප්ටර් බිල ගෙවා නැතිලු

යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වූ මංගල සමරවීර මහතා ඔහුගේ ධුර කාලය තුළ ගුවන් හමුදා හෙළිකොප්ටර් වලින් ගමන් කර චාරිකා ගණනාවක බිල්පත් පියවා නැතැයි එම අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි . මේ සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති අතර එයින් පසු මෙම වියදමේ වටිනාකම නිශ්චිත ලෙස හදුනා ගැනෙන බව විගණන අංශ ප්‍රකාශ කරයි . කෙසේ වෙතත් මංගල ගේ හෙළිකොප්ටර් චාරිකා වියදම් කඩිනමින් පියවන ලෙස මුදල් අමාත්‍යංශයට ගුවන් හමුදාවෙන් සිහි කැදවීම් ගණනාවක් ලැබී ඇත .

Continue Reading

මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ මනාප සටනක

පොහොට්ටු හිතවාදීන්ගේ උග්‍ර විරෝධයට ලක්ව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වීමත් සමග ඔහුට බරපතළ මනාප සටනකට අවතීර්ණ වෙන්නට සිදුව ඇතැයි රජරටින් වාර්තා වේ . පොහොට්ටුවේ කණ්ඩායම් නායක රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාගෙන් මෙන්ම තමන්ගේම පක්ෂයේ පේශල ජයරත්නගෙන්ද පොහොට්ටුවේ සිරිපාල ගම්ලත්ගෙන්ද හිටපු ජනාධිපතිවරයා ට දේශපාලන විරෝධයක් එල්ල වී තිබේ .එම නිසා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ට පොළොන්නරුවේ දී හුදෙකලා සටනක නිරත වීමට සිදුව ඇත .ඔහු ජනාධිපති ධුරය දැරූ සමයේ පොහොට්ටුවේ හිතවතුන් මෙන්ම සිය පාක්ෂිකයන් වන පේෂල ජයරත්න

Continue Reading

එ.ජා .ප යේ ඉරිතැලීම තහවුරු වෙයි සජිත් පිල නාම යෝජනා කැදවයි

එ.ජා .ප යේ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව බල අරගලයක යෙදී සිටින සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ගේ කණ්ඩායම වෙනම මහ මැතිවරණය තරග කිරීමට තීන්දු කළේය .සජිත් පිලේ න්‍යායාචාර්‍යවරයා ලෙස කටයුතු කරන චම්පික රණවක ගේ අදහසක් අනුව ඊයේ මෙම තීරණය ගත් බව වාර්තා වෙයි . ඒ අනුව මහ මැතිවරණය සදහා සජිත් ලාගේ සමගි ජාතික බලවේගයෙන් මැතිවරණය තරග කිරීමට කැමති අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ අයදුම්පත් කැදවීමට තීන්දු කළේය .ලබන සතියේදී මැතිසබය විසුරුවා හැරීමත් සමග මෙම අයදුම්පත් කැදවීම ප්‍රකාශයට පත් කෙරේ . එ.ජා .ප යේ දැනට සිටින

Continue Reading

ජවිපෙ නායකයාගෙන් මුස්ලිම් කොංග්‍රස නායකයාට දැඩි පිළිතුරක් .

ඉදිරි මහ මහ මැතිවරණය ඉලක්ක කර ගෙන මුස්ලිම් කොංග්‍රසය දෙමළ ජාතික සන්ධානය සමඟ නිර්මාණය කරනවා යැයි කියන නව දේශපාලන සන්ධානයකට ජනතා විමුක්ති පෙරමුණද සම්බන්ධ වන බව ප්‍රකාශකලේ කුමන පදනමින්ද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මුස්ලිම් කොංග්‍රස කොංග්‍රස් නායක රවුෆ් හකීම් ගෙන් ප්‍රශ්න කර ඇත . රවුෆ් හකීම් මෙම නව සන්ධානය සම්බන්ධව මාධ්‍ය ඔස්සේ තොරතුරු හෙළිදරව් කිරීමෙන් පසුව ඊයේ දිනයේ ඔහු දුරකථනයෙන් ඇමතූ ජවිපෙ නායකයා මෙම ප්‍රකාශනයේ තේරුම විමසා තිබිණි . ජනතා විමුක්ති පෙරමුණ කිසිම දිනක දෙමළ සන්ධානය හෝ මුස්ලිම්

Continue Reading

ජනපති අණින් ගුරු පත්වීම් පිරිනැමීම මැතිසබය විසුරුවා හැරීමට පෙර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ සංකල්පයකට අනුව රැකියා විරහිත උපාධිධාරීන් 54000කට රැකියා පිරිනැමීමේ වැඩසටහන යටතේ උපාධිධාරී රැකියා විරහිතයන්ට පත්වීම් ප්‍රදානය ඉදිරි සතිය තුළ සිදු කෙරෙන බව වාර්තා වේ . දැනටමත් රටේ රැකියා විරහිත උපාධිධාරීන් 54000ක් සිටිතැයි ගණන් බලා සිටියද රැකියා ලබා ගැනීම සදහා ඉල්ලුම් කර ඇත්තේ උපාධිධාරීන් 45000ක් පමණක් බව ජනාධිපති කාර්‍යාලය පවසයි .මේ දිනවල ඔවුන්ගේ දත්ත එක් රැස් කිරීම ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී සිදු කෙරේ .පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු රැකියා පිරිනැමිය නොහැකි බැවින් ඔවුන්ට රැකියා පිරිනැමීම මාර්තු මස 2වැනිදාට

Continue Reading

කථානායක කරු ජයසූරියගේ බෑණාට එරෙහි පොලිස් පැමිණිලි විමර්ශණයට

මෙරට දේශපාලන සදාචාරය සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන කථානායක කරු ජයසූරිය මහතාගේ බෑනා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායකට එරෙහිව ලැබුණු පැමිණිලි කිහිපයක් විමර්ශනයට පොලිස් මූලස්ථානය සූදානම් වන බව වාර්තා වෙයි . පසුගියදා නුවරඑළිය නගර මධ්‍යයේ ඉඳි කරන ලද අනවසර වෙළදසැලක් ඉවත් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ක්‍රියා කළ අවස්ථාවේ ඊට මැදිහත් වූ නවීන් දිසානායක මන්ත්‍රීවරයා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට තර්ජනය කිරීම අපහාස කිරීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව පැමිණිලි තුනක් පොලිස් මූලස්ථානයට

Continue Reading

ජාතිවාදී සන්ධානයකට ජවිපෙත් මුක්කු ගසන්නට යයි

මුස්ලිම් කොංග්‍රස කොංග්‍රස් නායක රවුෆ් හකීම් දෙමළ සන්ධානයේ ප්‍රධානියකු වන එම් ඒ සුමන්තිරන් සහ තවත් මුස්ලිම් සහ දෙමළ සුළු පක්ෂ ගණනාවක් එකතු වී මහ මැතිවරණයට මුහුණ දීම සඳහා නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. මේ බව හෙළිදරව් වූයේ පසුගියදා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නායක රවුෆ් හකීම් මහතා මුස්ලිම් කොංග්‍රසයේ වාර්ෂික පක්ෂ සම්මේලනයේදී කරන ලද කතාවකිනි .ඔහුගේ ප්‍රකාශය අනුව මෙම සන්ධානය නිර්මාණය කිරීම සඳහා දැනටමත් තිරය පිටුපස සාකච්ඡා ආරම්භ කොට ඇතැයි පැවසේ .දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

Continue Reading

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page