කොරෝනා මර්දනය සදහා ‘අවිගන්’ ඖෂධය ශ්‍රී ලංකාවට

කොරෝනා වසංගතයට ප්‍රතිකාර කිරීම සදහා ජපානය විසින් පර්යේෂණ කොට සොයා ගන්නා ලද නවතම ‘අවිගන්’ නැමැති ඖෂධයේ පළමු තොගය පරිත්‍යාගයක් ලෙස ජපාන රජය විසින් අද (අගහරුවාදා ) උදෑසන විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට එවනු ලැබීය . ‘අවිගන් ‘ ඖෂධයේ බෙහෙත් පෙති 5000ක් ප්‍රථම තොගය ලෙස ජපානය එවා තිබේ .පසුගිය සතියේ මෙම ඖෂධය මෙරටට ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අදාළ අමාත්‍යංශ බලධරයන් ජපාන ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළෝය .ඒ අනුව ‘අවිගන්’ ඖෂධ තොගය ශ්‍රී ලංකාවට සැපයිණී. එය කොරෝනා රෝගය බෝවීමෙන් පසු

Continue Reading

මැතිවරණ කොමිසමේ සිට දේශපාලනය කරන රත්නජීවන් හූල් නැමැත්තා යූ.එන්.පි යට කඩේ යයි

ජනාධිපතිවරණ සමයේ සිට එ .ජා .ප ය වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා ලබා දුන් ,ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරමින් ස්වාධීනයැයි කියන ,මැතිවරණ කොමිසමේ සලුපිලි ගැලවූ එහි කොමසාරිස් රත්නජීවන් හූල් නැමැත්තා කොරෝනා වසංගතය නිසා වහා පාර්ලිමේන්තු ජන්දය අවලංගු කර මැති සබය කැදවිය යුතු බවට ප්‍රකාශයක් නිකුත් කර තිබේ . බ්‍රිතාන්‍ය ගුවන් විදුලියට ලබා දී ඇති ප්‍රකාශයක් තුළින් ඔහු කියන්නේ කොරෝනා වසංගතය සමග ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්බුදයකට මුහුණ දී ඇති බවයි . එසේම රට ඒකාධිපතිවාදය ට ගමන් කරමින් සිටින බැවින් ඊට පෙර මැතිසබය කැදවන්නැයි

Continue Reading

දැඩි අවදානම් කාලයේ මැතිසබය කැදවීමක් නැහැ. නැවතත් සර්ව පාක්ෂික හමුවක්

එ.ජා ප යේ ඇතැමුන්ට රට කොරෝනා වසංගතයෙන් මුදා ගැනීමට වඩා වැදගත් වී ඇත්තේ පාර්ලිමේන්තුව කැදවීමය.රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය අප්‍රේල් මස 7 වැනිදා දක්වා මෙරට කොරෝනා රෝගය උග්‍ර තත්ත්වයට පත්විය හැකි බැවින් රට තුළ දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කරන්න යැයි උපදෙස් දී තිබේ .ඒ අතර රජය කොරෝනා මර්දන වැඩසටහන සියලු දෙනාගේ සහාය ඇතුව ඉතා ක්‍රමවත් ලෙස පවත්වා ගෙන යයි. එහෙත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එ .ජා .ප මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද මාධ්‍යවේදී වික්ටර් අයිවන් වැනි කිහිප දෙනෙක්ද පාර්ලිමේන්තුව කැදවීම

Continue Reading

තීරණාත්මක සතියේ රජයෙන් දැඩි තීන්දු

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය මාර්තු 25 සිට අප්‍රේල් 7 දක්වා මෙරට කොරෝනා අවදානම උග්‍ර වනු ඇති බව ට පල කළ අනාවැකිය හේතුවෙන් රජය දැඩි තීන්දු ගණනාවක් ගෙන තිබේ . පසුගිය දිනවල කොරෝනා රෝගීන් සොයා ගත් අටලුගම ,අකුරණ,පුත්තලම , නාත්තන්ඩිය ,මාරවිල ,කලුතර ,අලුත්ගම ගම්මානයන් ආදි වශයෙන් ගම් ගණනාවක් සහමුලින්ම වසා දැමීම ඉන් ප්‍රධාන තීන්දුවකි. එසේම කොලඹ ,කලුතර ,පුත්තලම ,ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කයන්හි ඇදිරි නීතිය දින නියමයක් නොමැතිව ක්‍රියාත්මක කර තිබේ .එහෙත් බොහෝ විට එය ලබන අප්‍රේල් 7 වැනිදා ලිහිල් කිරීමට

Continue Reading

ඇමෙරිකානු ඩොලරය ,යුරෝ මුදල හා ජපන් යෙන් මුදල හමුවේ රුපියල අවප්‍රමාණය වීමෙන් ආනයනික භාණ්ඩ මිල ඉහළට

ඇමෙරිකානු ඩොලරය හමුවේ පසුගිය මාසය තුළ ශ්‍රී ලංකා රුපියල 4%කින්ද,යුරෝ මුදල හමුවේ 2.8%කින්ද,ජපන් යෙන් මුදල හමුවේ 4.2%කින්ද අවප්‍රමාණය වී තිබේ . මේ නිසා ශ්‍රී ලංකාව විදේශයන්ගෙන් ගෙන්වන ආහාර ද්‍රව්‍ය ,වාහන ,යන්ත්‍ර උපකරණ සහ ඖෂධ මිල ඉහළ යා හැකි බව පිටකොටුවේ තොග වෙළෙඳ අංශ පවසයි . එහෙත් රජය ප්‍රකාශ කරන්නේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ,ඖෂධ ආදි ද්‍රව්‍ය වල මිල ඉහළ යාමට නොදී රජයෙන් අදාළ පිරිවැය පියවන බවයි .ලෝකය පුරාම මෙලෙස මුදල් ඒකක කඩා වැටීම සහ කොටස් වෙළෙඳ පොළවල් කඩා වැටීම දැන් සිදු

Continue Reading

ශ්‍රී ලංකා‍වේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි March 28, 2020 08:04 pm

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා වුණා. මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ මියගොස් තිබෙනවා. මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

Continue Reading

මෙරට කොරෝනා මර්දන වැඩසටහනට ලෝක ආධාර තොගයක්

ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන සාර්ථක කොරෝනා මර්දන වැඩසටහන ගැන පැහැදුන විදේශ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් මෙරටට ආධාර සැපයීමට ඉදිරිපත් වී සිටී.ඒ බව අදාළ සංවිධානවල නියෝජිතයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත . මෙහි මුල්ම සහන ණය ආධාරය ලෙස චීන රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් පසුගිය දා පිරිනැමීය.අප රටට ආධාර ලබා දීම ට මේ සතියේ ඉදිරිපත්ව ඇති ආයතන අතරින් ආසියානු සංවර්ධන බැංකුව ප්‍රධානය.ඒවායින් ඇ.ඩොලර් මිලියන 300 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීම ට සූදානම් බව දැනුම් දී තිබේ

Continue Reading

ටෙලිෆෝන් කාඩ් රීලෝඩ් නැතිකමින් ජනතාව පීඩාවේ

රටේ සිටින දසලක්ෂ සංඛ්‍යාත ජංගම දුරකතන භාවිත කරන්නන් සේවය ලබා ගන්නා රීලෝඩ් සහ දුරකතන පෙර ගෙවුම් කාඩ්පත් (ටෙලිෆෝන් කාඩ් ) වෙළෙඳ පොළේ අලෙවි නොකිරීම නිසා ජංගම දුරකතන පාරිභෝගිකයන් දැඩි පීඩාවට පත්ව සිටිති . මෙරට ජනගහනයටත් වඩා ජංගම දුරකතන භාවිතය පවතී.ඒ සදහා ප්‍රධාන පෙලේ ජංගම දුරකතන සේවා සැපයුම් සමාගම් 5 ක් පමණ සිය සේවාවන් සපයමින් සිටී.විශේෂයෙන් රටේ අඩු ආදායම් ලාභීන් සහ තරුණ පිරිස භාවිත කරන්නේ රී ලෝඩ් හෝ පෙර ගෙවුම් කාඩ්පත් ය. එම කාඩ්පත්වලට අමතරව දුරකතන ඩේටා කාඩ්පත් ද කිසිම වෙළෙඳ

Continue Reading

ජන්ද අපේක්ෂකයන් ගේ සහනාධාර බෙදීම්වලට මැතිවරණ කොමිසමෙන් පොල්ලක්

ඇදිරි නීතියෙන් පීඩාවට පත් වූ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ,ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන සැපයුම් සදහා මහ මැතිවරණය ට නාම යෝජනා ලබා දී ඇති අපේක්ෂකයන් සහභාගි කරවීම වළක්වන ලෙස මැතිවරණ කොමිසම රජයට දැනුම් දී ඇත .ජන්ද අපේක්ෂකයන් සහනාධාර බෙදීමට දායක වීමෙන් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධා වන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් පෙන්වා දී තිබේ . දැනට දිවයින පුරා ක්‍රියාත්මක වන ඇදිරි නීතිය නිසා අපහසුතාවයට පත් ජනතාවට විවිධ පක්ෂවලට අයත් දේශපාලනඥයින් සහනාධාර බෙදාදීම සිරිත් පරිදි සිදු කෙරේ .එය පාලනය කිරීම රජයටද මහත්

Continue Reading

ජනතාවට පහසුකම් සැපයෙන මෙහෙයුම් මැදිරිය පැය 24 ම වැඩ

රජය ආරම්භ කර ඇති 24 පැය පුරා ක්‍රියාත්මක වන කොරෝනා රෝග මර්දන මෙහෙයුම් මැදිරිය රට පුරා ආහාර පාන සහ ඖෂධ සැපයුම ගැන විධිමත් සැලසුමක් සකස් කර ඇත .ඒ සදහා දිවයින පුරා ක්‍රියාත්මක වන ෆාමසි 650 ක සේවක සේවිකාවන් යෙදවීම සම්බන්ධයෙන් මෙහෙයුම් කාර්‍යාංශ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා ෆාමසි හිමියන් ගේ සංගමය සමග සාකච්ඡා කර තීරණ ගනු ලැබීය දිවයින පුරා ආහාර පාන සැපයීමට සහ දුප්පත් ජනතාවට සහනාධාර සැපයීමට අදාළ ප්‍රශ්න ගැන රට පුරා සිටින ප්‍රාදේශීය ලේකම්වරු 325 දෙනාට පුද්ගලිකව දුරකතනයෙන් අමතා අවශ්‍ය

Continue Reading

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page