එක්සත් ජාතික පක්ෂයේ වැඩි බලතල රනිල්ගෙන් ඉල්ලන්නට ගිය සජිත් හිස් අතින් එයි…..සජිත් ගේ ගෝලයන් රොත්තක් දොට්ට

පසුගිය බදාදා එ .ජා .ප නායක රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අතර පැවති සාකච්ඡාව අර්බුදකාරී විවාදයකින් කෙළවර වී තිබේ. එම සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායක රනිල්ගෙන් ඉල්ලීම් 4ක් කර ඇත. සජිත් ට පක්ෂ නායකත්වය ලබා දීම ,අලුතෙන් හදන සන්ධානයේ නායකත්වය ලබා දීම ,එම සන්ධානයේ මහ ලේකම් පදවිය සජිත් පිලට ලබාදීම සහ ඉදිරි මැතිවරණය සදහා අපේක්ෂකයන් තෝරන නාම යෝජනා මණ්ඩලයේ බහුතර සාමාජිකත්වය සජිත් පිලට ලබා දීම එම යෝජනා 4යි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා එකග වී ඇත්තේ සජිත්

Continue Reading

දයාසිරි මහින්දගෙන් 1/3 කෝටාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඉදිරි මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගෙන් 1/3 ක පංගුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දුන්නේය .මේ සතියේ පැවති ආණ්ඩුවේ පක්ෂ නායකයන් ගේ කණ්ඩායම් රැස්වීමේදී මහ ලේකම්වරයා මෙම ඉල්ලීම කළේය. මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඒ ඒ පක්ෂවලට ලැබෙන අපේක්ෂක කෝටා කුමක් වුවත් මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබෙන අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට පොහොට්ටුවේ අරමුණ බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා මෙහිදී තවදුරටත් කියා

Continue Reading

ආණ්ඩුවෙන් රජයේ සේවකයන් ගේ ආරක්ෂාව ට වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනතක්

රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂ සංඛ්‍යාත සේවකයන් තමන්ට පැවරෙන රාජකාරි ඉටු කිරීමේදී සද් භාවයෙන් ගනු ලබන තීරණ සම්බන්ධව ඔවුන්ට නීතිමය රැකවරණය ලබා දීමට වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත සම්මත කර ගැනීමට අපේක්ෂා කරයි .එම පනතින් ආවරණය වන රාජ්‍ය සේවකයන් ඉටු කරනු ලබන රාජකාරි කටයුත්තකදී ඔවුන්ට එම නිසා විශේෂ නීතිමය රැකවරණයක් සැපයේ. මෙවැනි පනතක අවශ්‍යතාවය මතු වූයේ රජයේ නිල තීරණ ක්‍රියාත්මක කරන්නට ගිය පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ ජනාධිපති ලේකම්වරයා ප්‍රමුඛ ප්‍රබල රාජ්‍ය නිලධාරීන් ගණනාවකට පසු කාලයේ නඩු පැවරීම නිසාය .මෙලෙස නඩු පවරන ලද

Continue Reading

කොරෝනා වෛරසයෙන් බියට පත්වී සිටින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ට චීනයේම රැදී සිටින්නයැයි එරට ආණ්ඩුව ඉල්ලා සිටියි

දැනට චීනයේ ප්‍රාන්ත ගණනාවක අධ්‍යාපනය ලබමින් සහ රැකියා කරමින් සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් කොරෝනා වෛරසය ගැන බියට පත්වී ශ්‍රී ලංකාවට පිටත්ව නොයන ලෙස චීන ආණ්ඩුව ඔවුන්ගෙන් ඉල්ලා සිටී . ඒ සම්බන්ධව කොලඹ චීන තානාපති කාර්‍යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත .එම නිවේදනය මගින් චීන ආණ්ඩුව අවධාරණය කරන්නේ සිය රට විසින් මෙම වසංගත රෝගය පාලනය කර ඇති බවයි .එසේම ඊට විධිමත් ප්‍රතිකාර සැපයීමට චීනයට හැකියාව ඇති බවත් සදහන් කර ඇත . චීන රජය කොරෝනා වෛරස වසංගතය පාලනයට ඖෂධ කිහිපයක් සොයා ගෙන

Continue Reading

චීනයෙන් මෙරටට ගෙන්වන සිසු සිසුවියන් එකවර සමාජයට මුදා නොහරින්නයැයි වෛද්‍ය සංගමය ඉල්ලයි

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් විශාල පිරිසක් මිය ගොස් ඇති චීනයේ විවිධ අධ්‍යාපන ආයතනවල ඉගෙන ගන්නා සිසු සිසුවියන් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු එකවර ඔවුන් සමාජයට මුදා නොහරින්නයැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි. මෙලෙස වාර කිහිපයකට චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් තුන් සිය ගණනකට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් පරිදි රජය ක්‍රියා කළේය. එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ පවුල් වලින් ජනාධිපතිවරයා වෙත ලැබුණු ඉල්ලීම් සලකා බලා ජනාධිපතිවරයා එම නියෝගය කළේය. ඒත් විධිමත්

Continue Reading

යූ .එන්.පි යේ නව සන්ධානය හදන්නටත් කලින් තනතුරු පොරයක්

එක්සත් ජාතික පක්ෂය සහ එහි හවුල්කාර පක්ෂ කිහිපයක් එකතු වී සකස් කරන්නට යනවා යැයි කියන නව සන්ධානයේ තනතුරු වලට සජිත් පිල හා රනිල් පිල පොර කන්නට පටන් ගෙන තිබේ. සජිත් පිල කියන්නේ සන්ධානයේ මහ ලේකම් තනතුර රන්ජිත් මද්දුම බණ්ඩාර ට පැවරිය යුතු බවයි. ඒ සදහා අකිල විරාජ් කාරියවසම් පත් කර ගැනීම රනිල් ගේ අදහසයි. එසේම සන්ධානයේ නායකත්වය සජිත් ට අවශ්‍ය බව සජිත් පිල කියයි. එහෙත් එ.ජා .ප නායකයා ලෙස සන්ධාන නායකත්වය ද හිමිවිය යුත්තේ රනිල් ට යැයි රනිල් හිතවාදීහු කියති.

Continue Reading

ජිනීවා සමුළුවට ආණ්ඩුවෙන් යෝජනාවක්

මාර්තු මස ඇරඹෙන ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනා සාකච්ඡා කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටීමට රජය තීන්දු කර ඇත .ඊට හේතුව නව ආණ්ඩුවක් පත්කර ගැනීම සදහා මහ මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවේ ජිනීවා සමුළුවේ යෝජනාවලට ප්‍රතිචාර දැක්විය නොහැකි බැවිනි . එම නිසා ශ්‍රී ලංකාව සම්බන්ධව ජිනීවා සමුළුවේ යෝජනා මීළඟ වසර තෙක් කල් දමන ලෙසත් ඒ සම්බන්ධව රජය මෙතෙක් ගෙන ආ ක්‍රියාදාමයන් එලෙසම පවත්වා ගෙන යාමටත් හැකියාව ඇතැයි ද දැනුම් දීමට නියමිත බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි

Continue Reading

කොරෝනා වෛරස් රෝගයට වැට බැඳීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක් .

දකුණු ආසියාව පුරා වසංගතයක් ලෙස ව්‍යාප්ත වී යන කොරෝනා වයිරස රෝගය ශ්‍රී ලංකාවට පැමිණීමට වැළැක්වීම සඳහා ආණ්ඩුව විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කොට තිබේ .ගුවන්තොටුපොළට සහ වරායට පැමිණෙන සහ පිටත්වන මගින් පිළිබඳ විශේෂ සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂක විමර්ශනයක් සිදුකිරීම මෙයින් පළමු පියවරයි එසේ ම ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන්යානා වල දී මගින් පරීක්ෂාකොට වෛරස රෝග තත්ත්වය පිළිබඳ සැක සහිත අය වේ නම් ඔවුන් වහා ප්‍රතිකාර සඳහා යොමු කිරීමටද සැලසුම් කොට ඇත.වසංගත රෝගීන් භාරගන්නා අංගොඩ උණ රෝහල මෙම රෝගීන් හසු වුවහොත් ඔවුන්ට ප්‍රතිකාර ලබා

Continue Reading

පාර්ලිමේන්තුව මාර්තු 01 දිනම විසුරුවන ලෙස පොහොට්ටු මන්ත්‍රීවරු රජයෙන් ඉල්ලති.

අප්‍රේල් මස 25 ත් 28 ත් අතර දිනක මහ මැතිවරණය පැවැත්විය හැකිවන ලෙස පාර්ලිමේන්තුව මාර්තු මාසයේ පළමු වැනි දින විසුරුවා හරින ලෙස පොහොට්ටුවේ පක්ෂ නායකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය .මේ සතියේ පවත්වන ලද පොහොට්ටුවේ පක්ෂ නායකයන් ගේ විශේෂ රැස්වීමකදී ඔවුහු මෙම ඉල්ලීම කළහ . කලින් රජය සැලසුම් කර තිබුණේ මාර්තු මස 3 වැනි දින හෝ 4 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටය.එසේ වුව හොත් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට තිබෙන කාලය සීමා වන අතර මන්ත්‍රීවරුන්ට සිංහල

Continue Reading

මෝල්පතියන් කෝටිපතියන් කළ හාල් මිල පාලනය රජය අතට

වයිනේ ප්‍රධාන පෙලේ සහල් මෝල් හිමියන් ගේ ඒකාධිකාරය බිද දමා මෙරට හැත්තෑ ලක්ෂයක් වන ගොවි ජනතාවගේ වී වලට සාධාරණ මිලක් ලබා දීම සදහා වී කිලෝවක සහතික මිල රුපියල් 50 දක්වා ඉහළ නංවා තිබේ .මෙය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දුවක් ඉටු කිරීමකි . දැන් රජරට හා රුහුණේ වී ගොවීන් කුඹුරු වලින් වී අස්වනු නෙලීම ආරම්භ කර ඇත .මෙවර වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3කට අධික අස්වැන්නක් ලැබෙතැයි රජය අපේක්ෂා කරයි .අස්වනු ලැබෙන්නට පටන් ගැනීමත් සමග පොලොන්නරුවේ සහල් මෝල් හිමියන්

Continue Reading

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page