සජිත් ගේ සන්ධානයෙන් එ.ජා.ප.ය වැඩි කෝටාව ඉල්ලයි.

සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වයෙන් පිහිටුවන ලද සමගි ජාතික බලවේගය සන්ධානය මැතිවරණයට තරග කිරීමේදී එක්සත් ජාතික පක්ෂයට වැඩි කෝටාවක් ලැබිය යුතු යැයි රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය සජිත් පිලට දැනුම් දී තිබේ . මෙම සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.එම නිසා එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර අපේක්ෂකයන්ගෙන් 50% වැඩි ප්‍රමාණයක් ලැබිය යුතු බවත් එම අපේක්ෂකයන් තෝරා ගැනීම නම් කිරීම හා ඔවුන්ගේ විනය පාලන කටයුතු සිදු කරන්නේ එ.ජා.ප මහ ලේකම්වරයා බවත් රනිල් පාර්ශ්වය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත . මෙම එකගතා

Continue Reading

මෛත්‍රීපාල සිරිසේන නව සන්ධානයේ සභාපති ධුරයට පත් කිරීම ගැන විරෝධයක් .

පසුගිය ජනාධිපති වරණයේදී තමන් නිර්පාක්ෂිකව සිටිනවා යැයි කියමින් ව්‍යංගයෙන් සජිත් ප්‍රේමදාස මහතාට උදව් කළ බවට චෝදනා ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොහොට්ටුව ශ්‍රීලනිප සන්ධානයේ සභාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් පොහොට්ටුව මැති ඇමති පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ . රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමතිවරයා ද එස්.එම්. චන්ද්‍රසේන ප්‍රසන්න රණතුංග ඇතුළු කැබිනට් අමාත්‍යවරු ද මෙලෙස සන්ධාන සභාපති ධූරය මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීම සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය ප්‍රකාශ කර තිබිණි . ජනාධිපති වරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රතිඵල විමර්ශනය කරන විට ශ්‍රී ලංකා නිදහස්

Continue Reading

රට පාවා දෙන ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට රජයෙන් අභීත තීරණයක් .

ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්තිය කණපිට හැරවීම සඳහා බටහිර බලවේග විසින් ඉදිරිපත් කර තිබෙන ජිනීවා මානව හිමිකම් සමුළුව යෝජනා දෙකකට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය තීන්දු කළේය . ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති රජයේ පක්ෂ නායකයන් ගේ හා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් ගේ විශේෂ රැස්වීමකදී මෙම ගිවිසුම් වලින් ඉවත් වීමේ තීන්දුව ගනු ලැබීය .සුප්‍රකට 30 එක එක සහ 40 එක යන නම් වලින් හැඳින්වෙන මෙම යෝජනා 2 සඳහා අනුග්‍රහය දැක්වීමටත් තීන්දු කළේ රනිල්

Continue Reading

හිරුණිකාට හා මරික්කාර්ට මුස්ලිම් ජනතාවගේ විරෝධය

වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ජනාධිපතිවරණ සමයේ නැගෙනහිර ජනතාවට පොරොන්දු වූ පරිදි සයින්ද මරුදු ප්‍රදේශයට මහ නගර සභාවක් ලබා දුන්නේය .ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය දා නිකුත් කෙරිණි . මුස්ලිම් ජනතාවට වත්මන් රජයෙන් සාධාරණය ඉටු නොවන බවට පැවති මිථ්‍යා මත දුරු කරමින් මෙම පොරොන්දුව ඉටු කිරීම ගැන එ.ජා .ප .ය බෙහෙවින් කලබලයට පත්ව සිටිති .ආණ්ඩුවේ තීරණය නිසා රවුෆ් හකීම්ලාගේ නැගෙනහිර ජන්ද පදනමත් ,යූ.එන්.පී ජන්ද පදනමත් දෙදිරීමට ලක් වූ නිසා මෙම කලබලය හටගෙන ඇත .එබැවින් රනිල්ගේ හා සජිත් ගේ උපදෙස් මත මුස්ලිම්

Continue Reading

මෛත්‍රීගෙන් සජිත් ගැන හෙළිදරව්වක් ?

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ධුරයට පත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරය දරද්දී සජිත් ප්‍රේමදාස සමග කරන ලද දේශපාලන ගනුදෙනු මහ මැතිවරණ වේදිකාවේදී හෙළිදරව් කෙරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. මෙම හෙළිදරව්වට අදාළ සම්පූර්ණ තොරතුරු මේ වන විට පොහොට්ටුවේ ප්‍රබලයන් අතට පත්ව තිබේ .එමගින් සජිත් ප්‍රේමදාස ගේ දේශපාලන චරිතය සම්බන්ධව ජනතාවට අලුත් අර්ථ කථනයක් සැපයෙන බව සදහන් වේ .සජිත් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ හිටපු ජනාධිපති සිරිසේන ඔහුට වාර ගණනාවක් අගමැති ධුරය බාර ගන්නා ලෙස

Continue Reading

රනිල් කෘත්‍යාධිකාරී මණ්ඩලය නැවතත් කල් දමයි

එ.ජා .ප යේ රනිල් හා සජිත් කණ්ඩායම් දෙක අතර පවත්නා බල අරගලය විසදීමට අද කැදවා තිබූ එ.ජා .ප කෘත්‍යාධිකාරී මණ්ඩලය තවත් දින තුනකට කල් දැමීමට රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇත .සජිත් පිලේ කොන්දේසි ඉටු කිරීමට ඇති අපහසුව නිසා පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු මෙම කල් දැමීම සිදු කර ඇතැයි වාර්තා වේ . ඉදිරි මහ මැතිවරණය තරග කරන පක්ෂයේ ලාංජනය සම්බන්ධයෙන් රනිල් පිල හා සජිත් පිල තිරය පිටුපස බරපතළ මත ගැටුමක පැටලී සිටී.අලියා ළකුණ සන්ධානය සදහා යොදා ගත නොහැකි නිසා

Continue Reading

රිෂාඩ් බදුර්දීන් ගේ පරීක්ෂණ අවසන්

යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු ලෙස පෙනී සිටි හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් සම්බන්ධව සිදු කළ රහස් පොලිස් පරීක්ෂණ අවසන් අදියරට පැමිණ තිබේ .රුපියල් කෝටි සිය ගණනක වත්කම් අයථා ලෙස අත් පත් කර ගැනීම ඔහුට සහ ඔහුගේ බිරිඳට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි. වසර 2005දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට සිලි සිලි මල්ලක ඇදුම් දමාගෙන සරමකින් සහ කමිසයකින් සැරසී අරලිය ගහ මැදුරට පැමිණි රිෂාඩ් බදුර්දීන් වසර කිහිපයක් ඇවෑමෙන් ඇමැති තනතුරු දරා දැන් මෙරට කෝටිපතියන් අතර මුල් පෙළේ වැජඹෙයි.ඔහු මෙලෙස වත්කම් ඉපයූ

Continue Reading

ලක්ෂ හයේ පුටුව ගැන විමල්ගෙන් පිළිතුරක්

සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රී වරයාගේ ප්‍රකාශයක් පදනම් කරගෙන අප වෙබ් අඩවියේ පළ වූ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ඇමති පුටුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ඔහු විසින් සිදු කර තිබේ . විමල් වීරවංශ අමාත්‍යවරයා ස්වකීය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් පසු කිසිම අවස්ථාවක රුපියල් ලක්ෂ හයකට ඇමතිවරයාට අසුන් ගැනීම සඳහා විශේෂ පුටුවක් මිලදී නොගත් බව පවසන හෙතෙම තමන් දැනටත් පරිහරණය කරන්නේ හිටපු අමාත්‍යවරයා පරිහරණය කළ පුටු මේස සහ ගෘහ උපකරණ බව ප්‍රකාශ කරයි .මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශය

Continue Reading

පොලීසිය සමග ගැටුමට නොයන්නයැයි රජය නීතිපතිට දන්වයි

නීතිපති දප්පුල ද ලිවේරා සහ සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් ජනාධිපති කාර්‍යාලයට කැදවා පොලීසිය සමග ගැටුමින් වැළකී දෙපාර්ශවය සහයෝගයෙන් වැඩ කරන්නයැයි ජනාධිපතිවරයා අවවාද කර ඇත . මෙයට දින කීපයකට පෙර මෙම අවවාදය සිදු කර ඇත්තේ පොලීසිය සහ නීතිපති අතර ලිපි හුවමාරුවක් මගින් මත ගැටුමක් හටගෙන ඇති බව පෙනී ගිය බැවිනි .නීතිපතිවරයාට පොලීසියට උපදෙස් දීමට බලය ඇතත් එම උපදෙස් ක්‍රියාත්මක කිරීම ගැන විමර්ශන බලය ඇත්තේ නීතිය හා සාමය විෂය බාර දේශපාලන අධිකාරියට බව මෙම සාකච්ඡාවේදී පෙන්වා දී ඇත . පසුගිය කාලයේ නීතිපති

Continue Reading

රවි විමල් එකම බෝට්ටුවේ

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ එහි මුදල් අමාත්‍ය ධූරය දැරූ රවී කරුණානායක මහතා ස්වකීය අමාත්‍යාංශයේ තමන්ට අසුන් ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් විශේෂ පුටුවක් රජයේ මුදලින් මිලදී ගනු ලැබීය .මෙම පුටුවේ විශේෂත්වය වන්නේ එය අති සුඛෝපභෝගී වීමත් එහි අභ්‍යන්තරයේ කුඩා ප්‍රමාණයේ විදුලි පංකා තිබීමත්ය. ඊට අමතරව එම පුටුව විශේෂ ප්ලග් එකක් මගින් විදුලිය පරිපථයට සම්බන්ධ කල විට ශරීරයට කම්පන ව්‍යායාමයක් ලබා දීම මගින් මස්පිඩු වේදනා සමනය කරගැනීමට අවස්ථාව සැලසූ බවත් වාර්තාවිය.දහදිය දමන අවස්ථාවල පුටුව අභ්‍යන්තරයේ ඇති විදුලි

Continue Reading

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page